පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10න් මුලසුන සීගිරියට

2025 වර්ෂයේ දී ලොව වඩාත් ම ආගන්තුක සත්කාරයට ලක් වන නගරය බවට සීගිරිය පත් ව තිබෙනවා.

Booking.com විසින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලැබුවා.

මෙම පිළිගැනීම පදනම් වී ඇත්තේ ගමනාන්තයේ ආගන්තුක සත්කාරය සහ චමත්කාරය ඉස්මතු කරමින් මිලියන 360කට අධික පිරිසක් සිය නැරඹුම් සහ නැරඹීම් මධ්‍යස්ථානය ලෙස සීගිරිය සොයා ඇති බවට හෙළිවීමත් සමගයි.

Booking.com වෙබ් අඩවිය මෙම අනාවරණය කර ඇත්තේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමී ව බවට ද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණයේ’ හදවතෙහි පිහිටා ඇති සීගිරිය, ස්වාභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බවයි Booking.com වෙබ් අඩවිය මෙම නම් කිරීම සිදු කරමින් පවසා තිබෙනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සුප්‍රසිද්ධ සීගිරි පර්වත බලකොටුව, විශ්මයජනක දසුන් ලබාදෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෝස්තර සහිත බතික් නිර්මාණය, විසිතුරු භාජන සහ අත්කම්, රෙදිපිළි සඳහා ප්‍රසිද්ධ සීගිරිය අසල ගම්මානය මඟ නොහැරිය යුතු අත්දැකීමක් බවයි සංචාරකයින්ට දැනුම්දෙන්නේ.

මීට අමතරව ලොව සංචාරකයින් අතර ජනප්‍රිය වෙබ් අඩවියක් වන Booking.com වෙබ් අඩවිය විසින් 2025 වසරේ පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10 ද එළිදක්වා තිබෙනවා.

පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10 අතර දෙවන ස්ථානය ස්පාඤ්ඤයේ කසෝර්ලා නගරය නම්කර ඇති අතර, Booking.com වෙබ් අඩවිය මගින් තුන්වන ස්ථානයට නම්කර ඇත්තේ බ්‍රසීලයේ උරුබිසි නගරයයි.

නවසීලන්තයේ ටවුපෝ, එක්සත් ජනපදයේ ශාන්ත ඔගස්ටින්, ඉතාලියේ ඔර්වියෙටෝ, කොලොම්බියාවේ මැනිසාලෙස්, ජර්මනියේ ක්වෙඩ්ලින්බර්ග්, තායිලන්තයේ කෝ ලන්ටා සහ එක්සත් රාජධානියේ චෙස්ටර් යන නගර පිළිවෙලින් ලෝකයේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර10 අතරට නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?