සිසුවාට හදිකළ ගුරුවරයා අත්‌අඩංගුවට

මොරටුව පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක වයස අවුරුදු 14ක සිසුවෙක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙක් සහ එම සිදුවීම වසන් කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයාව මොරටුව පොලිසිය මගින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරුලිය සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 58 සහ 59 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා, පාසල් රථ වාහන නියාමක භාර ගුරුවරයෙක් වන අතර ඔහුට විරුද්ධව තවත් පැමිණිලි ඇතැ බවයි සඳහන් වන්නේ.

සිසුවාගේ දෙමව්පියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අද (18) දිනයේදී මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?