AFC Banner
AFC Banner
Empty Ad

සිසුන්ට පොලිතීන් බලෙන් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

නාවලපිටිය අධ්‍යාපන කලාපයට අයත් රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ පෙරේදා දිනයේ දී එම පාසලේ විදුහල්පතිවරයා විසින්, රඹුක්පිටිය පාසලේ 11 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු සිදු කළ සිසුන් පිරිසකට සිය දිවා ආහාරය රැගෙන ආ ලන්ච් ෂීට් කවර බලෙන් කැවීම නිසාවෙන්.

මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තගේ ද අවධානය යොමු වුණා.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ; තමන්ට මාධ්‍ය මගින් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු සැලවුණු වහාම ඒ පිළිබඳ ව තමන් සොයා බැලූ බවයි.

තමන් ඊට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් අධ්‍යාපන කොට්ඨාසයට දූරකථන ඇමතුමක් ලබා දී සොයා බැලූ බවත්, පරීක්ෂණ කටයුතු කඩිනම් සහ සාර්ථක කරගැනීම සඳහා ඊයේ වනවිට ම එම විදුහල්පතිවරයා ව ගම්පොළ අධ්‍යාපන කලාප කාර්යාලය වෙත මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා.

රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පොලිතීන්වලින් තොර කලාපයක් බැවින්, ඊට දඬුවමක් ලෙසයි විදුහල්පතිවරයා විසින් එම දරුවන් දිවා ආහාරය ඔතා පැමිණි පත්තර කොළ සහ ලන්ච් ශීට් කවර එම දරුවන්ට ම කන ලෙසට බල කර ඇත්තේ.

මෙම ලන්ච් ශීට් කෑ දරුවන් නිවසේ දී ත්, පාසලේ දී ත් වමනය, කරකැවිල්ල, හිසරදය ආදී රෝග ලක්ෂණ හේතුවෙන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?