සිසුන්ට පොලිතීන් බලෙන් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

නාවලපිටිය අධ්‍යාපන කලාපයට අයත් රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ පෙරේදා දිනයේ දී එම පාසලේ විදුහල්පතිවරයා විසින්, රඹුක්පිටිය පාසලේ 11 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු සිදු කළ සිසුන් පිරිසකට සිය දිවා ආහාරය රැගෙන ආ ලන්ච් ෂීට් කවර බලෙන් කැවීම නිසාවෙන්.

මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තගේ ද අවධානය යොමු වුණා.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ; තමන්ට මාධ්‍ය මගින් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු සැලවුණු වහාම ඒ පිළිබඳ ව තමන් සොයා බැලූ බවයි.

තමන් ඊට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් අධ්‍යාපන කොට්ඨාසයට දූරකථන ඇමතුමක් ලබා දී සොයා බැලූ බවත්, පරීක්ෂණ කටයුතු කඩිනම් සහ සාර්ථක කරගැනීම සඳහා ඊයේ වනවිට ම එම විදුහල්පතිවරයා ව ගම්පොළ අධ්‍යාපන කලාප කාර්යාලය වෙත මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා.

රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පොලිතීන්වලින් තොර කලාපයක් බැවින්, ඊට දඬුවමක් ලෙසයි විදුහල්පතිවරයා විසින් එම දරුවන් දිවා ආහාරය ඔතා පැමිණි පත්තර කොළ සහ ලන්ච් ශීට් කවර එම දරුවන්ට ම කන ලෙසට බල කර ඇත්තේ.

මෙම ලන්ච් ශීට් කෑ දරුවන් නිවසේ දී ත්, පාසලේ දී ත් වමනය, කරකැවිල්ල, හිසරදය ආදී රෝග ලක්ෂණ හේතුවෙන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03