සිවිල් ගුවන් සේවා අධිකාරියේ පුරප්පාඩුව පැවති උසස් තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් සිදුකෙරේ

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළක සිට පුරප්පාඩුව පැවති උසස් තනතුරු කීපයක් සඳහා නව පත් කිරීම් සිදුකර තිබෙනවා.

ඒ, අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඒකාබද්ධ කළමනාකරණ) තනතුර සඳහා රමේෂා ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් නිරුපද්‍රිතතා රෙගුලාසි) තනතුර සඳහා පත්කළ ලසන්ත දහනායක වෙත පත්වීම් ලිපි ඊයේ (26) ප්‍රධානය කෙරුණා.

ඊට අමතරව අධ්‍යක්ෂ (ගුවන් ආරක්ෂක) තනතුර සඳහා ප්‍රදීප් වර්ණසූරිය සහ ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක (ගුවන් යානා මෙහෙයුම්) තනතුරට පත් කළ ෂෙහාන් වත්තේවැව යන අය වෙත පත්වීම් ලිපි ප්‍රධානය කර තිබෙනවා.

රජයේ අනුමත සේවකයින් බඳවා ගැනීමේ පපටිපාටිය යටතේ, නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එම අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල යන අයගේ ප්‍රධානවත්වයෙන් සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07