සිව්දරු මවකගේ මළ සිරුර පිඹුරෙකුගේ උදරයෙන් හමුවෙයි

පිඹුරෙක් විසින් ගිල දැමූ කාන්තාවක් පිඹුරාගේ උදරය තුළ මියගොස් සිටිය දී සොයාගත් පුවතක් මධ්‍යම ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෆරීඩා නැමැති 45 හැවිරිදි විය පසුවන කාන්තාවක් මෙලෙස පිඹුරාගේ ගොදුරක් වී ඇති බවයි.

සිව්දරු මවක්වන මෙම කාන්තාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අතුරුදහන් වී ඇති අතර, එලෙස අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු ගම්මුන් විසින් ආරම්භකර තිබෙනවා.

එලෙස සෙවීම් ආරම්භ කළ ගම්වාසීන්ට විශාල උදරයක් සහිත පිඹුරෙකු පසුගිය සිකුරාදා හමු වී ඇති අතර, පසුව ඇති වූ සැකය මත ඔවුන් පිඹුරාගේ බඩ කපා තිබෙනවා.

එහිදී අඩි 16ක් පමණ දිග පිඹුරා විසින් ගිලදමා තිබූ ෆරීඩාගේ සිරුර සොයාගැනීමට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆරීඩා ඇඳ පැළඳ සිටි ආකාරයෙන්ම පිඹුරාගේ උදරය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෑත වසරවල දී ඉන්දුනීසියාවේ පුද්ගලයින් කිහිපදෙනෙකු ම පිඹුරන් විසින් ගොදුරුකරගත් සිදුවීම් වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
37
+1
7
+1
28
+1
219
+1
13
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?