සිව්දරු මවකගේ මළ සිරුර පිඹුරෙකුගේ උදරයෙන් හමුවෙයි

පිඹුරෙක් විසින් ගිල දැමූ කාන්තාවක් පිඹුරාගේ උදරය තුළ මියගොස් සිටිය දී සොයාගත් පුවතක් මධ්‍යම ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෆරීඩා නැමැති 45 හැවිරිදි විය පසුවන කාන්තාවක් මෙලෙස පිඹුරාගේ ගොදුරක් වී ඇති බවයි.

සිව්දරු මවක්වන මෙම කාන්තාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අතුරුදහන් වී ඇති අතර, එලෙස අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු ගම්මුන් විසින් ආරම්භකර තිබෙනවා.

එලෙස සෙවීම් ආරම්භ කළ ගම්වාසීන්ට විශාල උදරයක් සහිත පිඹුරෙකු පසුගිය සිකුරාදා හමු වී ඇති අතර, පසුව ඇති වූ සැකය මත ඔවුන් පිඹුරාගේ බඩ කපා තිබෙනවා.

එහිදී අඩි 16ක් පමණ දිග පිඹුරා විසින් ගිලදමා තිබූ ෆරීඩාගේ සිරුර සොයාගැනීමට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆරීඩා ඇඳ පැළඳ සිටි ආකාරයෙන්ම පිඹුරාගේ උදරය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෑත වසරවල දී ඉන්දුනීසියාවේ පුද්ගලයින් කිහිපදෙනෙකු ම පිඹුරන් විසින් ගොදුරුකරගත් සිදුවීම් වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
37
+1
7
+1
28
+1
218
+1
13
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?