AFC Banner
Empty Ad
Empty Ad

සැත්ඩන් වත්ත රක්ෂිතයේ ගින්නකින් අක්කර 10ක් විනාශයි (ඡායාරූප)

හැටන් පොලිස් වසමේ ස්තැඩන් වතුයායට අයත් සිත්තර වත්ත කොටසේ ඊයේ (25) පස්වරුවේ හටගත් ගිනන්කින් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි රක්ෂිත අසල පිහිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

සිඝ්‍රයෙන් පැතිර ගිය ගින්න රක්ෂිතය අසල පිහිටි තේ වගා භුමියකට පැතිර යාම හේතුවෙන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබුණා.

පවතින වියළි කාලගුණයත් සමඟ මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳව ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටිනවා.

1 2 1
2 6
3 2 1
4 1 1
5 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?