2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් 01 වනදා (අනිද්දා) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළ දී මෙම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බවයි.
අප්‍රේල් 01 වනදා සිට 10 වනදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් 16,000 කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වනවා.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වනදා සිට 27 වනදා දක්වා පවත්වනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1