මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් හරහා බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකාර ගුරුවරයා මහනුවර ප්‍රදේශයේ දී අද (12) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වනදා පැවති අතර, කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදී තිබුණේ උදෑසන 8.30ටයි.
කෙසේ වෙතත් මෙම සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය එදිනම උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා.
ප්‍රශ්න පත්‍රය මුදා හැරුනු අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවට ද මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




