විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපොළේදීම රියදුරු බලපත්‍රය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් බොහෝ කාලයක සිට ක්‍රියාත්මක කළ විදේශීය රටකදී නිකුත් කර ඇති වලංගු රියදුරු බලපත්‍ර මත පදනම්ව මෙරටදී මෝටර් වාහන පැදවීම සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 03 වන දින සිට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කාර්යාලය මගින් ආරම්භ කළා.

මේ අතර මෙතෙක් විදේශ පුරවැසියන් සඳහා සැපයූ එම සේවාව තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකා පුරවැසියන්ට හා ද්විත්ව පුරවැසි‍භාවය සහිත ශ්‍රී ලාංකිකයන්ට විදේශීය රටකදී නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් මත පදනම්ව තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව මේ වන විට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කාර්යාලය මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලිපියක් නිකුත් කරමින් පවසනවා.

එබැවින් අංක 2463/04, 2025.11.17 දිනැති රජයේ අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කර ඇති නියෝග මගින් සංශෝධිත මෝටර් වාහන (රියදුරු බලපත්‍ර) අයභාර නියෝගවල ඇතුළත් අයභාරය ගෙවීමට යටත්ව විදේශීය පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත ද්විත්ව සුරවැසියන්ට විදේශීය රටකදී නිකුත් කළ වලංගු රියදුරු බලපත්‍රයක් මත පදනම්ව තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ සේවාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බණ්ඩාරණායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කාර්යාලය මඟින් සහ වේරහැර කාර්යාලය මගින් ලබා ගැනීමට සලසා ඇති අතර එම පහසුකම් ඉදිරියේ දී දිස්ත්‍රික් කාර්යාල සඳහා ද ව්‍යාප්ත කරන බව ඔහු වැඩිදුරටත් එම ලිපිය මඟින් දන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19