කර්මාන්ත ක්ෂේත්‍ර 07කට උපදේශක සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් මේ වන විට පිහිටුවා තිබෙනවා.

එම උපදේශක කමිටු මඟින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07ක් සඳහා උපදේශක කමිටු පිහිටු වීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

ඒ අනුව, රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල සහ සම්මේලන, විද්‍යායතන (විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙක්ට නොවැඩි සාමාජික සංඛාවකින් සමන්විතව පහත දැක්වෙන කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටු වීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව එම කර්මාන්ත ක්ෂේත්‍ර වනුයේ,

  • දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය
  • රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය
  • සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය
  • කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
  • විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
  • නිර්මාණාත්මක කලා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය
  • ඉසව් කළමනා කරණ ක්ෂේත්‍රය


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15