සා.පෙළ ඉංග්‍රීසි පේපරේ වටේ යැවූ උපකාරක පංති ගුරෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් හරහා බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාර ගුරුවරයා මහනුවර ප්‍රදේශයේ දී අද (12) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වනදා පැවති අතර, කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදී තිබුණේ උදෑසන 8.30ටයි.

කෙසේ වෙතත් මෙම සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය එදිනම උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා.

ප්‍රශ්න පත්‍රය මුදා හැරුනු අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවට ද මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46