යූනුස් ගේ අන්තර්වාර රජයට හසීනාගෙන් දොස්

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා චෝදනා කරනවා.

එමෙන්ම ඇය පවසන්නේ, මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයට එය ප්‍රතික්ෂේප කිරීමට හෝ නැවැත්වීමට බලයක් නොමැති බවයි.

ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ANI සමග අදහස් දක්වමින් හසීනා පවසා ඇත්තේ, රට තුළ පවතින ප්‍රචණ්ඩත්වය බංග්ලාදේශය අසල්වැසි රටවල් සමඟ පවත්වන සබඳතා මෙන්ම රට අභ්‍යන්තරය ද අස්ථාවර කරන බවයි.

රට තුළ පවතින අවුල් සහගත බව, සුළු ජාතීන්ට හිංසා පීඩා කිරීම සහ එක්ව ගොඩනගා ගත් සියල්ල ඛාදනය වන ආකාරය ඉන්දියාව බලා සිටින බවත් ඇය එහි දී පවසා තිබුණා.

රටේ දේශසීමා තුළ මූලික පිළිවෙල පවත්වා ගැනීමට නොහැකි වූ විට, ජාත්‍යන්තර වේදිකාවේ විශ්වසනීයත්වය බිඳ වැටෙන බවත් යූනුස්ගේ බංග්ලාදේශයේ යථාර්ථය මෙය බවත් ඇය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14