ඉන්දීය විදේශ ඇමති සිය දෙදින සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාකර, ඔහු පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද (23) දින සවස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

ඔහු මෙරට රැදී සිටි කාළය තුළ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් හමුවූ අතර එහිදී ලංකාව මුහුණදුන් ආපදා තත්ත්වය සහ රට යළි ගොඩ නැංවීමට ඉන්දීය සහය ලබාදීම පිළිබදවද සාකච්ඡා කෙරුණා.

එතුමා ඇතුළු එරට දූත පිරිස ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 031 දරන ගුවන් යානයෙන්ම අද (23) දින සවස 05.49 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

විදේශ අමාත්‍යවරයාට සමු දීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30