“සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියලා. ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා”

අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද..? ඒත් ඒ දුක වේදනාව හදුනන්නේ නැති දරුවෝ කරන වැඩ නිසා අම්මා තාත්තට සැනසීම වගේම සතුටත් නැතිවෙලා යනවා. වැරදි ඇසුරවල් නිසා ජීවිතේ විනාශ වෙලා සපිරිගෙට යන්න සිද්ධවුණු දියණිය නිසා තවමත් දුක් විදින තාත්තා කෙනෙකුගේ හෙළිදරව්වකි මේ.

මට දරුවෝ මහ ගොඩක් හිටියේ නැනැ. මට හිටියේ එක දරුවයි. එයත් ගෑණු දරුවෙක්.
මං මේ දුව හදාගන්න පුදුම දුකක් වින්දා. මම මෙහෙම හිටියට හොද රස්සාවක් කරපු කෙනෙක්.
මම විවාහ වුණේ ගෙදරින් ආපු යෝජනාවකට. අපේ පවුලේ මම විතරයි.
කසාද බැඳලා අවුරුදු තුන හතරක් ගතවුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන පාටක් තිබුණේ නැහැ.
අපි දෙන්නයි මගේ අම්මයි හැම දේවාලෙකටම ගියා. පුළුවන් තරම් බාර හාර වුණා දරුවෙක් ලැබෙන්න කියලා.
අපි අනුරාධපුරේ ගියා. කතරගම ගියා. දළදා මාලිගාවට ගියා මේ හැම තැනටම පුදපූජා කෙරුවා.
හොඳයි කියන හැම දොස්තර මහත්තයෙක්ම වගේ හමුවුණා.
මේ ඔක්කොම කරන්න පටන් අරගෙන අවුරුදු පහකට විතර පස්සේ මගේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා.
ඒත් ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ.
බිරිඳගේ අම්මයි, නංගියි අපේ ගෙදර නතර වෙලා හිටියේ.
ඒ කාලේ මට මතක හැටියට බිරිඳට වයස අවුරුදු 38 ක් විතර ඇති.
මම එයාට වඩා අවුරුද්දයි වැඩිමල්. දුව ලැබෙන්න ආදා ඉදලා බිරිඳ අසනීපයෙන් හිටියේ. දරුවා ලැබෙන්න ඇවිත් මාස හතරක් විතර වෙද්දි බිරිඳට හොදටම අසනීප වුණා.
පෙෂර් වැඩිවුණා. දොස්තර මහත්වරු බයවුණා බිරිඳ ගැන.
ඒ නිසා ඒ ගොල්ලෝ දරුවගේ වයස සම්පූර්ණ වෙන්නත් කලින් සිසේරියන් සැත්කමකින් දරුවව ගත්තා.
දරුවා නිරෝගී කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මම හිතුවේ අපිට දරුවා නැතිවේවි කියලා.
ඒත් මට නැතිවුණේ මගේ බිරිඳ.
බිරිඳගේ මරණයෙන් පස්සේ දරුවා මාස දෙකක් විතර හිටියේ රෝහලේ.
මාස දෙකහමාරකට තුනකට විතර පස්සේ අපිට දරුවව දුන්නා ගෙදර ගෙනියන්න කියලා.
මම දන්නේ නෑ මට ඒ වෙලාවේ දැනුනේ සතුටද දුකද කියලා. මම හරියට ඇඩුවා.
බිරිදගේ නංගියි අම්මයි මගෙත් එක්ක නතරවුණා.
නංගි විවාහවෙලා හිටියේ නැහැ.
එයා මගේ දරුවට අම්මා කෙනෙක් වුණා. අපි මේ දරුවව ඉතාමත් ආදරෙන් හදාගත්තා.
ඒත් දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මා නංගිවත් අරගෙන ගමට ගියා.
අම්මට ඕන වුණේ නංගිව වෙනත් කෙනෙකුට බන්දලා දෙන්න. ඒත් ගමේ ගිහිල්ලා ටික දවසකින්ම නංගි ආයෙමත් ගෙදර ආවා.
ඒත් අම්මා ආවේ නැහැ. ගමේ මිනිස්සු එක එක කතන්දර කියනවා කියලා මට ආරංචිවුණා. අපේම නෑයෝ වුණත් එහෙමයි. මම අන්තිමට හිතාගතත්තා ගේ ඉඩම විකුණලා වෙන කෙහෙටහරි යන්න.
බිරිඳගේ නංගි ඇවිත් අවුරුද්දකට විතර පස්සේ අපි ගේ ඉඩම් විකිණුවා. පිට පළාතකට පදිංචියට යන්න ගිය අපි ඊට කළින් අපේ විවාහය ලියාපදිංචි කළා.
බිරිඳගේ නංගිගේ නම සෞම්‍යා. අපි දරුවත් හදාගෙන බොහොම සතුටින් හිටියා.
දරුවගේ පපුවේ සිදුරක් තිබුණා. ඒක වෛද්‍යවරුන්ට පෙන්නුවට පස්සේ දරුවව ශල්‍යකර්මයකට ලක් කෙරුවා.
ඊට පස්සේ දුවට තිබුණු ලෙඩ සනීප වුණා. මට ඕන වුණේ දුවට හොඳට උගන්වන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34