සාමයට අකුල් හෙලුවාට චීනයට දොස්

වේගයෙන් වෙනස්වන භූ දේශපාලනික වාතාවරණය තුළ චීනය, යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය විටින් විට වෙනස් කරමින් සිටිනවා.

යුක්‍රේනය සම්බන්ධයෙන් “සාමය සඳහා සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම පිළිගන්නා” බව ප්‍රසිද්ධියේ පවසන චීනය, නමුත් නැගෙනහිර යුරෝපීය ජාතිය පසුගිය ජුනි 15-16 දිනවල ස්විට්සර්ලන්තයේ පැවැත් වූ සාම සමුළුවට සහභාගී වූයේ නැහැ.

එපමණක් නොව රටවල් සාම සමුළුවට සහභාගි වීම වැළැක්වීමට දැඩි වෙහෙසක් දරණ බවට ද චීනයට චෝදනා එල්ල වී ඇති අතර, එලෙස ඇඟිල්ල දිගු කළේ යුක්‍රේනය ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙතින් වීම විශේෂත්වයක්.

“සාම සමුළුවට රටවල් සහභාගී වීම වැළැක්වීම සඳහා චීනය ක්‍රියා කරයි,” යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා ජූනි 03 වනදා සිංගප්පූරුවේ ෂැංග්‍රි-ලා සංවාදයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව බීබීසීය උපුටා දක්වා තිබුණා.

චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග්ට යුක්‍රේනය පිළිබඳ සාම සමුළුව මඟ හැරීමට බීජිනය තීරණය කළේ මන්දැයි සාධාරණ ලෙස පැහැදිලි කිරීමට නොහැකි වූ බව මාධ්‍ය වාර්තා කළා.

ස්විට්සර්ලන්තයේ සාම සමුළුව එහි අරමුණ ඉටු කිරීමට අපොහොසත් වන බව පවසමින් ඇය, සාම සමුළුව පිළිබඳ චීනයේ ස්ථාවරය පවත්වා ගැනීම සඳහා අශුභවාදී ආඛ්‍යානයකට යොමු වුණා.

“ජාත්‍යන්තර සාම සමුළුවට රුසියාව සහ යුක්‍රේනය යන දෙඅංශයෙන්ම පිළිගැනීම, සියලු පාර්ශ්වවල සමාන සහභාගීත්වය සහ සියලු සාම සැලසුම් පිළිබඳ සාධාරණ සාකච්ඡාවක් යන වැදගත් අංග තුන සපුරාලීමට අවශ්‍ය බව චීනය සැමවිටම පවසයි.
එසේ නොවුවහොත්, සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාම සමුළුවට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ නොහැකි” බව මාඕ නින්ග් සඳහන් කළා.

චීනයේ මෙම තීරණය ආරක්ෂා කරමින් විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසුවේ, “අද ලෝකයේ බොහෝ සමුළු තිබේ. සහභාගී විය යුතු ද සහ කෙසේ ද, චීනය ස්වකීය ස්ථාවරය අනුව ස්වාධීනව තීරණය කරනු ඇත.”යනුවෙනි.

නිරන්තරයෙන්ම, චීනයට සාම සමුළුව සම්බන්ධයෙන් වැඩි බරක් තබමින් රුසියාව සමඟ ඇති සබඳතා අස්ථාවර කර ගැනීමේ අවශ්‍යතාවක් ද නැහැ.

විශේෂයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පසුගිය මාසයේ බීජිං වෙත පැමිණීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වුණා.

එමෙන්ම වෙළඳ ක්ෂේත්‍රයේ දී ඒ බව වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

යුක්‍රේනය අර්බුදයෙන් පසුව, දෙරට අතර වෙළඳාම බොහෝ ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, 2023 දී දෙරටේ වෙළඳාම වාර්තාගත ඩොලර් බිලියන 240 දක්වා ළඟා වූ අතර එය 2021 සිට 64% කට වඩා වැඩි වූ බව චීන රේගු දත්ත පෙන්වා දෙනවා.

ඊට අමතරව, ඔවුන්ගේ ආර්ථික කටයුතුවලට ශක්තියක් එක් කිරීම නම්, එක්සත් ජනපද ඩොලර් වෙනුවට වෙළඳාමෙන් 90%ක් සඳහා ඔවුන්ගේ ම මුදල් භාවිත කිරීමයි.

ජනාධිපති සෙලෙන්ස්කිට අනුව, චීනය යුක්‍රේනයේ සාමයේ සාධකයක් විය හැකි අතර, අර්බුදයෙන් මිදීමට ඔවුන්ට උදව් කළ හැකි නමුත් බීජිනය නැගෙනහිර යුරෝපීය රටෙහි සාමය සඳහා අවශ්‍ය දේට ප්‍රතිවිරුද්ධ දේ කරමින් සිටිනවා.

සිංගප්පූරුවේ ෂැංග්‍රි-ලා සංවාදයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී චීනයේ නොමග යාම පිළිබඳව යුක්‍රේනය ජනාධිපතිවරයා සිය නොසතුට පළ කළා.

මාධ්‍ය හමුවේ දී ඔහු කළ ප්‍රකාශයේ දී ඔහු කියා සිටියේ වසරකට පෙර තමා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ දුරකථන ඇමතුමක් පැවැත්වූ බවයි.

මෙයින් පසු යුක්‍රේනය සෑම තරාතිරමකම චීන නිලධාරීන් හමුවීමට උත්සාහ කළ නමුත් ඊට අවස්ථාවක් නොලැබුණු අතර චීන නිලධාරීන් සිංගප්පූරුවේ සිටියත් ඔහු හමු නොවූ බව සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කළා.

ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් පැවැති සමුළුවේ දී මූලික වශයෙන් න්‍යෂ්ටික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව සහ යුද සිරකරුවන් නිදහස් කිරීම, යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ රුසියානු හමුදා ඉවත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරුණා.

රුසියාව හැර ස්විට්සර්ලන්තය රටවල් සහ සංවිධාන 160කට සමුළුව සඳහා ආරාධනා කර තිබුණා.

විශේෂයෙන්, 2023 අගෝස්තු මස මුලදී, යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් සෞදි අරාබිය ජෙඩා හි ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වූවා.

රටවල් 40 ක නියෝජිතයින් ගල්ෆ් රටේ පැවති රැස්වීමට සහභාගී වී ඇති නමුත් යුක්‍රේනයට සාමය ගෙන ඒමේ කිසිදු ප්‍රගතියක් ඇති වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?