සාමයට අකුල් හෙලුවාට චීනයට දොස්

වේගයෙන් වෙනස්වන භූ දේශපාලනික වාතාවරණය තුළ චීනය, යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය විටින් විට වෙනස් කරමින් සිටිනවා.

යුක්‍රේනය සම්බන්ධයෙන් “සාමය සඳහා සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම පිළිගන්නා” බව ප්‍රසිද්ධියේ පවසන චීනය, නමුත් නැගෙනහිර යුරෝපීය ජාතිය පසුගිය ජුනි 15-16 දිනවල ස්විට්සර්ලන්තයේ පැවැත් වූ සාම සමුළුවට සහභාගී වූයේ නැහැ.

එපමණක් නොව රටවල් සාම සමුළුවට සහභාගි වීම වැළැක්වීමට දැඩි වෙහෙසක් දරණ බවට ද චීනයට චෝදනා එල්ල වී ඇති අතර, එලෙස ඇඟිල්ල දිගු කළේ යුක්‍රේනය ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙතින් වීම විශේෂත්වයක්.

“සාම සමුළුවට රටවල් සහභාගී වීම වැළැක්වීම සඳහා චීනය ක්‍රියා කරයි,” යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා ජූනි 03 වනදා සිංගප්පූරුවේ ෂැංග්‍රි-ලා සංවාදයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව බීබීසීය උපුටා දක්වා තිබුණා.

චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග්ට යුක්‍රේනය පිළිබඳ සාම සමුළුව මඟ හැරීමට බීජිනය තීරණය කළේ මන්දැයි සාධාරණ ලෙස පැහැදිලි කිරීමට නොහැකි වූ බව මාධ්‍ය වාර්තා කළා.

ස්විට්සර්ලන්තයේ සාම සමුළුව එහි අරමුණ ඉටු කිරීමට අපොහොසත් වන බව පවසමින් ඇය, සාම සමුළුව පිළිබඳ චීනයේ ස්ථාවරය පවත්වා ගැනීම සඳහා අශුභවාදී ආඛ්‍යානයකට යොමු වුණා.

“ජාත්‍යන්තර සාම සමුළුවට රුසියාව සහ යුක්‍රේනය යන දෙඅංශයෙන්ම පිළිගැනීම, සියලු පාර්ශ්වවල සමාන සහභාගීත්වය සහ සියලු සාම සැලසුම් පිළිබඳ සාධාරණ සාකච්ඡාවක් යන වැදගත් අංග තුන සපුරාලීමට අවශ්‍ය බව චීනය සැමවිටම පවසයි.
එසේ නොවුවහොත්, සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාම සමුළුවට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ නොහැකි” බව මාඕ නින්ග් සඳහන් කළා.

චීනයේ මෙම තීරණය ආරක්ෂා කරමින් විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසුවේ, “අද ලෝකයේ බොහෝ සමුළු තිබේ. සහභාගී විය යුතු ද සහ කෙසේ ද, චීනය ස්වකීය ස්ථාවරය අනුව ස්වාධීනව තීරණය කරනු ඇත.”යනුවෙනි.

නිරන්තරයෙන්ම, චීනයට සාම සමුළුව සම්බන්ධයෙන් වැඩි බරක් තබමින් රුසියාව සමඟ ඇති සබඳතා අස්ථාවර කර ගැනීමේ අවශ්‍යතාවක් ද නැහැ.

විශේෂයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පසුගිය මාසයේ බීජිං වෙත පැමිණීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වුණා.

එමෙන්ම වෙළඳ ක්ෂේත්‍රයේ දී ඒ බව වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

යුක්‍රේනය අර්බුදයෙන් පසුව, දෙරට අතර වෙළඳාම බොහෝ ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, 2023 දී දෙරටේ වෙළඳාම වාර්තාගත ඩොලර් බිලියන 240 දක්වා ළඟා වූ අතර එය 2021 සිට 64% කට වඩා වැඩි වූ බව චීන රේගු දත්ත පෙන්වා දෙනවා.

ඊට අමතරව, ඔවුන්ගේ ආර්ථික කටයුතුවලට ශක්තියක් එක් කිරීම නම්, එක්සත් ජනපද ඩොලර් වෙනුවට වෙළඳාමෙන් 90%ක් සඳහා ඔවුන්ගේ ම මුදල් භාවිත කිරීමයි.

ජනාධිපති සෙලෙන්ස්කිට අනුව, චීනය යුක්‍රේනයේ සාමයේ සාධකයක් විය හැකි අතර, අර්බුදයෙන් මිදීමට ඔවුන්ට උදව් කළ හැකි නමුත් බීජිනය නැගෙනහිර යුරෝපීය රටෙහි සාමය සඳහා අවශ්‍ය දේට ප්‍රතිවිරුද්ධ දේ කරමින් සිටිනවා.

සිංගප්පූරුවේ ෂැංග්‍රි-ලා සංවාදයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී චීනයේ නොමග යාම පිළිබඳව යුක්‍රේනය ජනාධිපතිවරයා සිය නොසතුට පළ කළා.

මාධ්‍ය හමුවේ දී ඔහු කළ ප්‍රකාශයේ දී ඔහු කියා සිටියේ වසරකට පෙර තමා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ දුරකථන ඇමතුමක් පැවැත්වූ බවයි.

මෙයින් පසු යුක්‍රේනය සෑම තරාතිරමකම චීන නිලධාරීන් හමුවීමට උත්සාහ කළ නමුත් ඊට අවස්ථාවක් නොලැබුණු අතර චීන නිලධාරීන් සිංගප්පූරුවේ සිටියත් ඔහු හමු නොවූ බව සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කළා.

ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් පැවැති සමුළුවේ දී මූලික වශයෙන් න්‍යෂ්ටික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව සහ යුද සිරකරුවන් නිදහස් කිරීම, යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ රුසියානු හමුදා ඉවත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරුණා.

රුසියාව හැර ස්විට්සර්ලන්තය රටවල් සහ සංවිධාන 160කට සමුළුව සඳහා ආරාධනා කර තිබුණා.

විශේෂයෙන්, 2023 අගෝස්තු මස මුලදී, යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් සෞදි අරාබිය ජෙඩා හි ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වූවා.

රටවල් 40 ක නියෝජිතයින් ගල්ෆ් රටේ පැවති රැස්වීමට සහභාගී වී ඇති නමුත් යුක්‍රේනයට සාමය ගෙන ඒමේ කිසිදු ප්‍රගතියක් ඇති වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42