සාන්තුවර ජුසේ වාස් පියතුමා අනුස්මරණය කිරීමට ඉන්දියාවෙන් විශේෂ පිරිසක් දිවයිනට

සාන්තුවර ජුසේ වාස් පියතුමා අනුස්මරණය කිරීම සදහා ඉන්දියාවේ, ගෝවා ප්‍රාන්තයේ සිට පෘතුගීසි සම්භවයක් සහිත ඉන්දීය ජාතික සංචාරකයන් 123 දෙනෙක් ඊයේ (14) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා .

ක්‍රිස්තු වර්ෂ 1687 දී ඉන්දියාවේ ගෝවා සිට මෙරටට පැමිණි ජුසේ වාස් පියතුමා, ශ්‍රී ලංකාව තුළ කතෝලික දහම ප්‍රචලිත කිරීම සදහා ඉමහත් සේවයක් සිදු කර තිබෙනවා.

මෙම සංචාරකයන් පිරිස මහනුවර අම්පිටිය සෙමනේරි දේවස්ථානයේ සහ කුරුණෑගල මහගල්ගමුව දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගී වීමෙන් අනතුරුව මීගමුව, මහනුවර, නුවරඑළිය, කොළඹ යන ප්‍රදේශවල දින 07 ක් පුරා සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරකයන් ඊයේ (14) දින රාත්‍රී 08.45 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6. ඊ.- 1283 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?