සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ පත් කිරීම පෙබරවාරි 11 වනදා (වීඩියෝ)

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා පත් කිරීම එළෙඹෙන පෙබරවාරි මස 11 වනදා සිදුකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මේ බව සඳහන් කළා.

මහ සමන් දේවාලයේ කටයුතු වෙනුවෙන් මේ වනවිට තාවකාලික බස්නායක නිළමේවරයෙක් පත් කර ඇති අතර, එම පත් කිරීමට විරෝධය පළකරමින් දේවාලයේ කපුමහතුන් මේ වනවිට විරෝධතාවයක නිරතව සිටිනවා.

විරෝධතාවයේ නිරත දේවාලයේ කපුමහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල පවසන්නේ මෙලෙස පත්කර ඇති වැඩබලන බස්නායක නිළමේවරයා පවතින රජයේ හිතවතෙකු බවත්, ඔහු එම තනතුර සඳහා සුදුසුකම් සපුරා නොමැති බවයි.

කෙසේ වෙතත් වැඩබලන බස්නායක නිළමේවරයාගේ පත් කිරීම සිදුකරනු ලැබුවේ නීත්‍යානුකූලව බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා අද (06) පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10