සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ පත් කිරීම පෙබරවාරි 11 වනදා (වීඩියෝ)

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා පත් කිරීම එළෙඹෙන පෙබරවාරි මස 11 වනදා සිදුකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මේ බව සඳහන් කළා.

මහ සමන් දේවාලයේ කටයුතු වෙනුවෙන් මේ වනවිට තාවකාලික බස්නායක නිළමේවරයෙක් පත් කර ඇති අතර, එම පත් කිරීමට විරෝධය පළකරමින් දේවාලයේ කපුමහතුන් මේ වනවිට විරෝධතාවයක නිරතව සිටිනවා.

විරෝධතාවයේ නිරත දේවාලයේ කපුමහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල පවසන්නේ මෙලෙස පත්කර ඇති වැඩබලන බස්නායක නිළමේවරයා පවතින රජයේ හිතවතෙකු බවත්, ඔහු එම තනතුර සඳහා සුදුසුකම් සපුරා නොමැති බවයි.

කෙසේ වෙතත් වැඩබලන බස්නායක නිළමේවරයාගේ පත් කිරීම සිදුකරනු ලැබුවේ නීත්‍යානුකූලව බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා අද (06) පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?