සබරගමුව පළාත් සභාවේ ව්‍යාපෘති 77ක් ගසා කාලා – 08 දෙනෙකු රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවට අදාළ ව්‍යාපෘති 77කට අදාළ ව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු මේ මස 08 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කළා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරි වයි.එම්.පී බණ්ඩාර, හිටපු ලේකම්වරයෙකු වු සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර සහ හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර යන තිදෙනා යි.

2016 සහ 2017 වර්ෂ සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාළ ව, රුපියල් 7,16,45,226.32ක මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් 2023 ජනවාරි 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ ව පැමිණිලි කර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

රුපියල් 71,645,226.32ක මුදලක අලාභයක් සිදු කිරීම,එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූඨ ලේඛන සකස් කිරිම,පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?