සබරගමුවේ ආචාර්ය සමිති සම්මේලනය චරිත් වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

පසුගියදා සබරගමුව සරසවියේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි විද්‍යාර්ථයෙකු සිය නිවසේ ඇති කුකුල් කොරටුවේ දී සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් විශ්වවිද්‍යාලයීය ආචාර්‍යය සමිති සම්මේලනය විසින් ඉල්ලා තිබෙනවා.

එම සම්මේලනය සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳ ව සිය සම්මේලනය බලවත් කම්පනයකට ලක් ව සිටින බවයි.

මෙම ඛේදජනක සිදුවීම නවකවද ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බව ද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.

පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ ඉහළගම ප්‍රදේශයේ පදිංචි ව සිටි දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වන 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති සිසුවා යි.

ඔහු සරසවියේ පැවැති අවුරුදු උත්සවයක් නිමා වී නිවසට පැමිණ ඇති බවත්, ඔහු දැඩි කම්පනයකින් පසු වූ බවත් තම පුතු කොට කලිසමක් හැඳගෙන නේවාසිකාගාරයේ සිටින අවස්ථාවේ දී ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් අදාළ සිසුවාට අමානුෂික වද හිංසා පමුණුවා ඇති බවයි ඔහුගේ පියා විසින් සමනලවැව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම සිසුවා මියයාමට පෙර ලිපියක් ලියා ඇති අතර තමන් ජීවත් වීමට කෙතරම් උත්සාහ කළ ද, දැඩි මානසික පීඩනය තවදුරටත් ඉවසාගත නොහැකි බවට එහි ලියා තිබෙන බව වාර්තා වනවා.

අප ඊයේ (01) සමනල වැව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ විවිධ අංශවලින් පැමිණිලි ලැබී ඇති බවත්, ලිපිය ද පාදක කරගනිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ එම සිදුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ, පොලිස් විමර්ශනවල දී මෙම ඛේදවාචකය නවකවදය හේතුවෙන් සිදු වූවක් බවට අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව පවත්නා නීතියට අනුකූල ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට (මැයි 01) පත්කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වුණා.

එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?