සබරගමුවේ ආචාර්ය සමිති සම්මේලනය චරිත් වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

පසුගියදා සබරගමුව සරසවියේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි විද්‍යාර්ථයෙකු සිය නිවසේ ඇති කුකුල් කොරටුවේ දී සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් විශ්වවිද්‍යාලයීය ආචාර්‍යය සමිති සම්මේලනය විසින් ඉල්ලා තිබෙනවා.

එම සම්මේලනය සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම පිළිබඳ ව සිය සම්මේලනය බලවත් කම්පනයකට ලක් ව සිටින බවයි.

මෙම ඛේදජනක සිදුවීම නවකවද ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බව ද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.

පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ ඉහළගම ප්‍රදේශයේ පදිංචි ව සිටි දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වන 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති සිසුවා යි.

ඔහු සරසවියේ පැවැති අවුරුදු උත්සවයක් නිමා වී නිවසට පැමිණ ඇති බවත්, ඔහු දැඩි කම්පනයකින් පසු වූ බවත් තම පුතු කොට කලිසමක් හැඳගෙන නේවාසිකාගාරයේ සිටින අවස්ථාවේ දී ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් අදාළ සිසුවාට අමානුෂික වද හිංසා පමුණුවා ඇති බවයි ඔහුගේ පියා විසින් සමනලවැව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම සිසුවා මියයාමට පෙර ලිපියක් ලියා ඇති අතර තමන් ජීවත් වීමට කෙතරම් උත්සාහ කළ ද, දැඩි මානසික පීඩනය තවදුරටත් ඉවසාගත නොහැකි බවට එහි ලියා තිබෙන බව වාර්තා වනවා.

අප ඊයේ (01) සමනල වැව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ විවිධ අංශවලින් පැමිණිලි ලැබී ඇති බවත්, ලිපිය ද පාදක කරගනිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ එම සිදුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ, පොලිස් විමර්ශනවල දී මෙම ඛේදවාචකය නවකවදය හේතුවෙන් සිදු වූවක් බවට අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව පවත්නා නීතියට අනුකූල ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට (මැයි 01) පත්කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වුණා.

එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39