spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සඳුදා කොළඹ වටලන බව පා.ම නලින් බණ්ඩාර අවධාරණය කරයි ( ඡායාරූප )

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සඳුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර පැවසුවා.

අද (17) දින ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පළාත් පාලන ආයතන 4 ක් සඳහා සමගි ජන බලවේගයෙන් තරඟ කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සඳහා ගිනිගත්හේන සජබ කාර්යාලයේ පැවති රැස්වීම අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමනු ලබන්නේ මුදල් නොමැතිකම නිසා නොව රට පාලනය කරන ජනාධිපතිවරයාට හෝ පොහොට්ටුවට ජන වරමක් නොමැති නිසා බවයි.

රජයේ මුද්‍රණාලයට මුදල් ප්‍රතිපාදන ලබා නොදි , පළාත් පාලන මැතිවරණය කුමන හෝ ආකාරයකින් නතර කිරිමට රටේ පාලකයින් පියවර ගෙන ඇති බවත්, පළාත් පාලන මැතිවරණය පවත්වන තෙක් සමගි ජන බලවේගය අරගල කරන බවත් නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා පැවසුවා.

වත්මන් පාලකයින් රටේ ජනතාවගේ ජිවන වියදම ඉහල දැමුවාට අමතරව විදුලි බිලද ඉහල දැමිම තුලින් විදුලි පාරිභෝගිකයන් දැඩි පිඩාවට පත් වි ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?