spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිටදී 6ක් අත්අඩංගුවට

වවුනියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය
ඉදිරිපිටදී පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට කිසියම් අකටයුත්තක් සිදු වුවහොත් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.

කෙසේනමුත් වවුනියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විවිධ වංචාවන් සිදුවන බවටත් පොලිසිය ඊට හවුල් වන බවටත් පසුගිය දින කිහිපයේ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.

ඉන් අනතුරුව වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානයට ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ජයතිලක ප්‍රමුඛ කණ්ඩායමක් වවුනියාව විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිටදී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් රඳවාගෙන පරීක්ෂණ සිදුකරන බවත්, පරීක්ෂණවලින් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?