පාස්පෝට් කාර්යාලය ඉදිරිපිටදී 6ක් අත්අඩංගුවට

වවුනියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය
ඉදිරිපිටදී පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට කිසියම් අකටයුත්තක් සිදු වුවහොත් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.

කෙසේනමුත් වවුනියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විවිධ වංචාවන් සිදුවන බවටත් පොලිසිය ඊට හවුල් වන බවටත් පසුගිය දින කිහිපයේ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.

ඉන් අනතුරුව වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානයට ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ජයතිලක ප්‍රමුඛ කණ්ඩායමක් වවුනියාව විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිටදී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් රඳවාගෙන පරීක්ෂණ සිදුකරන බවත්, පරීක්ෂණවලින් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11