ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට චෝදනා පත්‍රයක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නවතම වාර්තාවකින් ශ්‍රී ලංකාවට චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කරන්නට ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අවම බව වාර්තාවෙන් එල්ල කර ඇති ප්‍රධාන චෝදනාවක්.

විවිධ හේතු දක්වමින් මැතිවරණ කල් දැමීම මගින්ද මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කර ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකාව අවම පියවර ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කාර්යාංශය විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ නිකුත් කළ වාර්තාවෙන් චෝදනා කර තිබෙනවා.

අත්තනෝමතික හෝ නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම සහ අවමන් සහගත සැළකීම, දරුණු සහ ජීවිතයට තර්ජනයක් වන සිරගෙවල්වල තත්ත්වයන් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැනි මානව හිමිකම් ගැටලු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සඳහන්.

පසුගිය වසර තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ මරණ කිහිපයක් සම්බන්ධයෙන් වාර්තා වූ බවත් එහි බොහෝ සිදුවීම් සමාන රටාවක් අනුගමනය කර ඇති බවද වාර්තාවේ දැක්වෙනවා.

මුදල් හිඟ බව පවසමින් රජය මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ බවද එහි සඳහන්.

එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට සහ දඬුවම් කිරීමට මෙන්ම රජයේ ප්‍රතිපත්ති හෝ නිලධාරීන් විවේචනය කිරීම වැළැක්වීම සඳහා බලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ICCPR පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අඛණ්ඩව යොදාගෙන ඇති බවයි.

නිලධාරීන්ගේ දූෂණ සම්බන්ධයෙන් නීතියෙන් සාපරාධී දඬුවම් ලබා දී ඇති නමුත් රජය එම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකළ බවට චෝදනාවක්ද එල්ල කර තිබෙනවා.

රජයේ ඉහළම මට්ටම්වල සිට පවතින දූෂණය මෙන්ම අන්තර්ජාතික සමාගම් රේගු නිෂ්කාශනවල සිට රජයේ ප්‍රසම්පාදනය දක්වා වූ කරුණු සම්බන්ධයෙන් සිදුවන අල්ලස් ඉල්ලීම් නිතර වාර්තාවීම සම්බන්ධයෙන්ද වාර්තාව මගින් අවධානය යොමු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සඳහන් කරමින් මෙම වාර්තාව පවසන්නේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් 25 දෙනෙකුගේ නඩු සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සුළු ප්‍රගතියක් ලබා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34