රෝහිත් ෂර්මාගෙන් පසු ඉන්දීය එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම් කර තිබෙනවා.
ඒ, අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 19 වනදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී ශුබ්මන් ගිල් ඉන්දියාවට නායකත්වය ලබාදීමට නියමිතයි.
මේ අතර මෙම එක්දින තරගාවලියේදී ශ්‍රෙයාස් අයියර් ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.
එමෙන්ම රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි මාස 07 කට පසු යළිත් ජාතික කණ්ඩායමට පැමිණ ඇති අතර, ඒ අනුව ඔවුන් දෙදෙනා ද ඕස්ට්‍රේලියානු තරග සංචාරයට නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට එක්දින තරගාවලියේ දී විවේකයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියෙන් අනතුරුව ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ දී සූර්යකුමාර් යාදව් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති අතර, ගිල් උප නායකයා ලෙස කටයුතු කරනු ලබනවා.






