සති දෙකට ලීසිං වාහන 1000ක් බලහත්කාරයෙන් උස්සලා – ජනපතිට සංදේශයකුත් (වීඩියෝ)

ලීසිං වාහන බලහත්කාරයෙන් රැගෙන යෑමට එරෙහිව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධතාවක් පැවැත්වුවා.

අද (07) දහවල් මෙම විරෝධතාව පැවති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විරෝධතාව පැවැත්වීමට ආසන්න වන විට පොලිසිය ඊට මැදිහත් ව එම සංගමයේ නියෝජිතයින් දෙදෙනකුට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගොස් සිය සංදේශය භාරදීමට අවස්ථාවක් හිමිවුණා.

එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කියා සිටියේ ලීසිං වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාමට එරෙහිව නීති අණපනත් තිබුණ ද; ඇතැමුන් ඒවා ගණන් නොගෙන වාහන රැගෙන යන බවයි.

මෙම නීතිවිරෝධී ක්‍රියාව වහාම නතර කිරීමට රජයට මැදිහත් වන ලෙසටයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ.

පසුගිය සති දෙක තුළ නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ලද අවසරයෙන් මෙම සංගමයේ නියෝජිතයින් දෙදෙනකු අද දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ගොස් ජනාධිපති ලේකම්වරයා මුණගැසී සංදේශයක් භාර දී ඇති අතර එම සංදේශය කඩිනමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඔවුන් වෙත ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ද එකඟ වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?