සති දෙකට ලීසිං වාහන 1000ක් බලහත්කාරයෙන් උස්සලා – ජනපතිට සංදේශයකුත් (වීඩියෝ)

ලීසිං වාහන බලහත්කාරයෙන් රැගෙන යෑමට එරෙහිව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධතාවක් පැවැත්වුවා.

අද (07) දහවල් මෙම විරෝධතාව පැවති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විරෝධතාව පැවැත්වීමට ආසන්න වන විට පොලිසිය ඊට මැදිහත් ව එම සංගමයේ නියෝජිතයින් දෙදෙනකුට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගොස් සිය සංදේශය භාරදීමට අවස්ථාවක් හිමිවුණා.

එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කියා සිටියේ ලීසිං වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාමට එරෙහිව නීති අණපනත් තිබුණ ද; ඇතැමුන් ඒවා ගණන් නොගෙන වාහන රැගෙන යන බවයි.

මෙම නීතිවිරෝධී ක්‍රියාව වහාම නතර කිරීමට රජයට මැදිහත් වන ලෙසටයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ.

පසුගිය සති දෙක තුළ නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ලද අවසරයෙන් මෙම සංගමයේ නියෝජිතයින් දෙදෙනකු අද දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ගොස් ජනාධිපති ලේකම්වරයා මුණගැසී සංදේශයක් භාර දී ඇති අතර එම සංදේශය කඩිනමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඔවුන් වෙත ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ද එකඟ වී ඇති බවටයි වාර්තා වන්නේ.

  1. මේ කොම්පනි ඔක්කොම වල්බෙල් සහ තවත්ය ගිනි පොලියක් 28% වගේ සනගවුනු පොලියක් ගන්නවා මාසෙට දෙකට මේ ගැන මධ්‍යම බැංකුවත් දැනුවත් ඇති ඔවුන් රජය අල්ලුවනම් කුමකින් මුකම් අසරණ යට වෙයිදයි සිතාගන්නවත් බහ මුදල් ඇමති තුමනි මේ ගැන වහ බලන්න

  2. ලීසිං ගත්ත නම් හරියට වෙලාවට ගෙවපල්ල.ලීසිං ණය වාරිකය ගෙවන්න පුලුවන් නිසානේ ගන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්