සජිත් – ඩයනා ලියුම් ගනුදෙනුවෙන් එලියට එන ජලනි – ඩයනා පළහිලව්ව

විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීති අංශ සභාපතිවරයෙකු විසින් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට යැවූ ලිපියට පිළිතුරු ලෙස ඇය සජිත් ප්‍රේමදාස මහතා ආමන්ත්‍රණය කොට ලිපියකින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ මෙතෙක් සැඟව තිබූ බොහෝ තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට සමගි ජනබලවේගය ගත් පොදු තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කොට ආණ්ඩුවට සම්බන්ධ වීම පිටුපස ඇගේ ස්වාමි පුරුෂයා වූ සේනක ද සිල්වාගේ ව්‍යාපාරික අවශ්‍යතා තිබෙන බව ප්‍රකට කරුණකි.

එහෙත් ඒ අතරම සමගි ජන බලවේගය ලෙස නම් කෙරුණේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයාට අයත් පක්ෂයක් වන අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම පක්ෂයේ උප ලේකම් ලෙස කටයුතු කරද්දී ඇය හා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස මහත්මිය අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන්ද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.

පක්ෂයේ උප ලේකම්වරිය ලෙස මෙන්ම කාන්තා කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී ජලනි ප්‍රේමදාස මහත්මිය ඩයනා ගමගේ මහත්මියට නිදහසේ කටයුතු කරගෙන යෑමට ඉඩ නොදී මැදිහත්වීම් කළ බවටත් ඒ සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මිය අසතුටින් සිටි බවත් වාර්තා වේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියට සමගි ජන බලවේගය ඉවත්ව ආණ්ඩුවට එකතු වීමට මෙම කරුණ සැලකිය යුතු හේතුවක් නොවුනද ඇයට ජලනි ප්‍රේමදාස මහත්මිය හිසරදයක් වෙමින් තිබුණු බව හෙළිදරව් වේ. සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස මහත්මිය අදටත් පක්ෂයෙ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස අත දමන බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිහිප වතාවක්ම පැමිණිලි කොට තිබුණද සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු පියවරක් ගෙන නොමැත.

මේ වන විට වන විට ජලනි ප්‍රේමදාස මහත්මිය පක්ෂයට අනුබද්ධිත තලතා අතුකෝරල මන්ත්‍රීවරිය සභාපතිත්වය දරන සමගි කාන්තා බලවේගයේ පූර්ණ බලය සියතට ගෙන තිබෙන අතර ඇයත් සමඟ සිටින බොහෝ කාන්තාවන්ට එළැඹෙන මැතිවරණවලදී අපේක්ෂකත්වය ලබාදීමට ද කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ මහතාගේ දියණිය ඉන් එක් තැනැත්තියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10