සජිත් – ඩයනා ලියුම් ගනුදෙනුවෙන් එලියට එන ජලනි – ඩයනා පළහිලව්ව

විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීති අංශ සභාපතිවරයෙකු විසින් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට යැවූ ලිපියට පිළිතුරු ලෙස ඇය සජිත් ප්‍රේමදාස මහතා ආමන්ත්‍රණය කොට ලිපියකින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ මෙතෙක් සැඟව තිබූ බොහෝ තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට සමගි ජනබලවේගය ගත් පොදු තීරණයට පටහැනිව යමින් ඊට පක්ෂව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කොට ආණ්ඩුවට සම්බන්ධ වීම පිටුපස ඇගේ ස්වාමි පුරුෂයා වූ සේනක ද සිල්වාගේ ව්‍යාපාරික අවශ්‍යතා තිබෙන බව ප්‍රකට කරුණකි.

එහෙත් ඒ අතරම සමගි ජන බලවේගය ලෙස නම් කෙරුණේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයාට අයත් පක්ෂයක් වන අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම පක්ෂයේ උප ලේකම් ලෙස කටයුතු කරද්දී ඇය හා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස මහත්මිය අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන්ද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.

පක්ෂයේ උප ලේකම්වරිය ලෙස මෙන්ම කාන්තා කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී ජලනි ප්‍රේමදාස මහත්මිය ඩයනා ගමගේ මහත්මියට නිදහසේ කටයුතු කරගෙන යෑමට ඉඩ නොදී මැදිහත්වීම් කළ බවටත් ඒ සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මිය අසතුටින් සිටි බවත් වාර්තා වේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියට සමගි ජන බලවේගය ඉවත්ව ආණ්ඩුවට එකතු වීමට මෙම කරුණ සැලකිය යුතු හේතුවක් නොවුනද ඇයට ජලනි ප්‍රේමදාස මහත්මිය හිසරදයක් වෙමින් තිබුණු බව හෙළිදරව් වේ. සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස මහත්මිය අදටත් පක්ෂයෙ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස අත දමන බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිහිප වතාවක්ම පැමිණිලි කොට තිබුණද සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු පියවරක් ගෙන නොමැත.

මේ වන විට වන විට ජලනි ප්‍රේමදාස මහත්මිය පක්ෂයට අනුබද්ධිත තලතා අතුකෝරල මන්ත්‍රීවරිය සභාපතිත්වය දරන සමගි කාන්තා බලවේගයේ පූර්ණ බලය සියතට ගෙන තිබෙන අතර ඇයත් සමඟ සිටින බොහෝ කාන්තාවන්ට එළැඹෙන මැතිවරණවලදී අපේක්ෂකත්වය ලබාදීමට ද කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ මහතාගේ දියණිය ඉන් එක් තැනැත්තියකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46