ශීඝ්‍රයෙන් පැතිරෙන SARS-CoV-2 කොවිඩ් ප්‍රභේදය – PCR පරීක්ෂණ යළිත් (වීඩියෝ)

මෙම වසරේ පෙබරවාරි මාසයේ මැද සිට ගෝලීය කොවිඩ් වෛරසයේ පැතිරීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

නව කොවිඩ් වෛරස ප්‍රභේදය WHO හඳුන්වා ඇත්තේ SARS-CoV-2 යනුවෙන්.

මැයි 28 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ 2024 ජුලි මාසයේ සිට නිරීක්ෂණය කළ පරිදි මෙතෙක් කළ කොවිඩ් පරීක්ෂණවලින් සියයට 11ක් ම ධනාත්මක වූ බවට වාර්තා වී ඇති බවයි.

මෙම SARS-CoV-2 කොවිඩ් ප්‍රභේදය වැඩි වශයෙන් නැගෙනහිර මධ්‍යධරණී කලාපය, අග්නිදිග ආසියාව සහ බටහිර – පැසිෆික් කලාපයේ රටවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

මැයි මැද භාගය වන විට වාර්තා වූ ගෝලීය SARS-CoV-2 රෝගීන්ගේ ප්‍රතිශතය 10.7% දක්වා ළඟා වී ඇති බවත් සඳහන්.

නමුත් මෙම වෛරසයේ පැතිරීම ගැන තවදුරටත් අධ්‍යයනයන් සිදු වන බවත්, දැඩි අධීක්ෂණයක් යටතේ එය සිදුවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙර දැනුම්දී ඇති ආකාරයට COVID-19 කළමනාකරණය කිරීම සඳහා අවදානම් මත පදනම් වූ, ඒකාබද්ධ ප්‍රවේශයක් භාවිතා කරන ලෙස සියලුම සාමාජික රටවලට උපදෙස් දී තිබෙනවා.

පුළුල් COVID-19 පාලන වැඩසටහන්වල කොටසක් ලෙස, විශේෂයෙන් අවදානම් කණ්ඩායම් අතර COVID-19 මගින් ඇතිවන දරුණු රෝග සහ මරණ වැළැක්වීම සඳහා එන්නත්කරණය ප්‍රධාන මැදිහත් වීමක් ලෙසයි සලකන්නේ.

මේ අතර ඊයේ (28) පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ දිවයින පුරා පීසීආර් පරීක්ෂණ සිදු කිරීම ඉහළ නංවා ඇති බවයි.

අදාළ වෛරසය පැතිරීම පාලනයට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා.

මූලාශ්‍රය-https://www.who.int/emergencies/disease-outbreak-news/item/2025-DON572

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27