ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (යූ.එස්.ඒඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අධීක්ෂණය කරන්නට ගියහොත් මින් ඉදිරියට මෙරටට ලබාදෙන ආධාර නවත්වන බව ශ්‍රී ලංකා රජයට අනතුරු හඟවා ඇත.

තවදුරටත් එම කටයුතුවල නිරතවන ඇමරිකානුවන් ගැන මෙරට ආරක්ෂක අංශ මගින් සොයා බැලීම් වහාම නවත්වන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු අරුණට පැවැසීය.

මෙම බලපෑම හේතුවෙන් තවදුරටත් වීසා ලබානොදී මෙරටින් යැවීමට සිටි එම සංවිධානයේ ඇමරිකානු නිලධාරියකුට තවත් වසරක් මෙරට රැඳී සිටීමට පසුගිය සතියේ වීසා ලබා දී ඇත. මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ විදේශ අමාත්‍යාංශයේ දැනුවත් කිරීමකින් තොරව මෙරටට පැමිණ සිටි mark Birnboum නමැති ඇමරිකානු හමුදා නිලධාරියකුට මීට මාස කිහිපයකට පෙර වීසා දීර්ඝ නොකර රටින් පිටව යාමට උපදෙස් දී තිබිණි.

මෙම ඇමරිකානු හමුදා නිලධාරියා ලංකාවට පැමිණීමට පෙර රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත් කරමින් මියන්මාරයේ සේවය කර ඇති බවත් මොහු සමග ඇමරිකානු හමුදාවේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනකුම රහසිගතව මෙරටට ඇතුළු වී ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයක දී තහවුරු විය.

ආරක්ෂක අමාත්‍යාංශයට නිරීක්ෂණය නොවන අයුරින් මෙම නිලධාරීන් වීසා ලබාගෙන ඇත්තේ පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාවයක් පදනම් කරගෙන බව එම විමර්ශනයේ දී අනාවරණය විය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ද ඇරැඹීය.

තවදුරටත් මෙරට රැඳී සිටීමට වීසා දීර්ඝ කිරීමට නම් යූ.එස්.ඒඩ්. නිලධාරියාට කොන්දේසි මාලාවක් මෙරටින් ඉදිරිපත් කර තිබූ අතර එය ඉටු නොකර රාජ්‍ය ත්‍රාන්තික බලපෑමකින් වසරකට වීසා දීර්ඝ කරගැනීම පසුගිය සතියේ කටයුතු කර ඇත. මෙරටට විදෙස් ආධාර හා ප්‍රධාන තවදුරටත් ලබානොදන බවට අනතුරු හඟවා මෙම වීසා දීර්ඝය ලබාගෙන ඇත.

  1. මෙලෙස රටට ගැටලුවක් ,තර්ජනයක් වෙන ආකාරයට කටයුතු කරන ඔනැම පුද්ගලයෙක්,සංවිධානයක් ඇත්නමි එයට එරෙහිව නිතිමය වගේම රාජ්‍යය තාන්ත්‍රික මටිටමින් පියවර ගැනිමට රටට වාගේම පාලකයින්ට කොන්දක් තිබිය යුතුය.රටකට ණය හෝ අධාර ලභාදෙනවා යැයි⁣ පවසන්නමි රටක අභ්‍යන්තරික මෙන්ම භාහිර කරැණු වලට මැදිහත් විමට කිසිදු අයිතියක් නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03