ශ්‍රී ලාංකීය ජාතිය ලොව දියුණුතම ජාතිය බවට පත් කිරීමේ අභියෝගය භාරගෙන අවසන් – ජනපති

දියුණු දේශපාලඥයෙක් සහ දියුණු පුරවැසියෙක් රටට අවශ්‍ය බවත්, වන්දනාමාන කරන පුරවැසියෙක් රටට අවශ්‍ය නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සහ මීරිගම කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව අද (17) එක්වෙමින් ජනධිපතිවරයා මෙම අදහස් පළ කළා.

නීතිය ක්‍රියාත්මක වූ පසු නීතියට අභියෝග කරන නායකයින් සිටින බවත්, පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත වූ පසු එම නීතියට සමච්චල් කරන නායකයින් ද සිටින බව ජනධිපතිවරයා මෙහිදී පැවසුවා.

කිසිම අයෙකුට නීතියට අභියෝග කළ නොහැකි බවත් සියලුම දෙනා නීතියට යටත් විය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලාංකීය ජාතිය ලෝකයේ දියුණුතම ජාතිය බවට පත් කිරීමේ අභියෝගය මේ වනවිටත් භාරගෙන ඇති බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?