AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපති වෙත මහජන ආරක්ෂක බලතල ගැන විශේෂ දැනුම්දීමක් (නිවේදනය)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව ලැබී ඇති විශේෂ බලතල සම්බන්ධයෙන් වන ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙහි දක්වා ඇත්තේ නව ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අනුර කුමාර දිසානායක මහතා හට පළමුව කොමිෂන් සභාවේ සුබාශිංසන පිරිනමන බවයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2024 සැප්තැම්බර් මස 26 වැනි දිනැති අංක 2403/47 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිබඳව කොමිෂන් සභාව සිය අදහස් ජනාධිපතිවරයා වෙත මෙම ලිපියෙන් ඉදිරිපත් කර තිබෙනවා.

එකී නියෝගය මගින් මෙම වසරේ සැප්තැම්බර් 27 වැනි දින මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින් කැඳවා තිබෙන බව ද එම ලිපියෙහි සඳහන්.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ඈ) වගන්තිය ප්‍රකාරව ජාත්‍යන්තර මානව හිමිකම් නියමයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව රජයක් විසින් පරිපාලන ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාව වෙත බලතල පැවරී ඇති බවයි ජනාධිපතිට නිකුත් කළ ලිපියෙහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති (විශ්‍රාමික) හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී. බී දෙහිදෙණිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම විශේෂ ලිපිය මගින් මහජන සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරුණු කාරණා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 (1) වගන්තිය වෙත ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාගේ අවධානය පිණිස මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව පැවරී ඇති විශේෂ බලතල පිළිබඳව දැනුම්වත් කරමින් නිකුත් කළ සම්පූර්ණ ත්‍රෛභාෂික ලිපිය මෙතැනින් කියවන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54

?