ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපති වෙත මහජන ආරක්ෂක බලතල ගැන විශේෂ දැනුම්දීමක් (නිවේදනය)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව ලැබී ඇති විශේෂ බලතල සම්බන්ධයෙන් වන ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙහි දක්වා ඇත්තේ නව ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අනුර කුමාර දිසානායක මහතා හට පළමුව කොමිෂන් සභාවේ සුබාශිංසන පිරිනමන බවයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2024 සැප්තැම්බර් මස 26 වැනි දිනැති අංක 2403/47 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිබඳව කොමිෂන් සභාව සිය අදහස් ජනාධිපතිවරයා වෙත මෙම ලිපියෙන් ඉදිරිපත් කර තිබෙනවා.

එකී නියෝගය මගින් මෙම වසරේ සැප්තැම්බර් 27 වැනි දින මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින් කැඳවා තිබෙන බව ද එම ලිපියෙහි සඳහන්.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ඈ) වගන්තිය ප්‍රකාරව ජාත්‍යන්තර මානව හිමිකම් නියමයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව රජයක් විසින් පරිපාලන ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාව වෙත බලතල පැවරී ඇති බවයි ජනාධිපතිට නිකුත් කළ ලිපියෙහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති (විශ්‍රාමික) හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී. බී දෙහිදෙණිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම විශේෂ ලිපිය මගින් මහජන සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරුණු කාරණා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 (1) වගන්තිය වෙත ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාගේ අවධානය පිණිස මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව පැවරී ඇති විශේෂ බලතල පිළිබඳව දැනුම්වත් කරමින් නිකුත් කළ සම්පූර්ණ ත්‍රෛභාෂික ලිපිය මෙතැනින් කියවන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21