ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (31) දිනයේ පැවැත්වීමට නියමිතයි.
2025 – 2027 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය මෙවර නිලවරණයේ දී තෝරා පත් කර ගනු ලබනවා.
මෙවර නිලවරණයේ දී වත්මන් සභාපති ශම්මි සිල්වා යළිත් වරක් සභාපති තනතුරට නාමයෝජනා භාර දී ඇති අතර, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල යන අය ද සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙනවා.
ක්‍රිකට් උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා ද අද පැවැත්වෙන නිලවරණයේ දී නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතයි.
මෙම නිලවරණය අද උදෑසන 10.30 ට කොළඹ දී ආරම්භ වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1