ශ්‍රී ලංකා – ඉන්දියා පළමු 20-20 තරගය අද – ආදේශක ක්‍රීඩකයින්ගෙන් උපරිමය ගන්න චරිත් සූදානමින් (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය අද (27) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දෙරට අතර පළමු 20-20 තරගය අද (27) රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිත අතර, තරගාවලියට පෙර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සහභාගී වූ මාධ්‍ය හමුව ඊයේ (26) පල්ලෙකැලේ දී පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකත්වයට පත් චරිත් අසලංක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ආබාධයන්ට ලක්වීම නායකයෙක් ලෙස කණගාටුවට පත්වන බවයි.

කෙසේ වෙතත් එවැනි අභියෝගයන්ට මුහුණදීමට නායකයෙක් ලෙස සූදානමින් සිටිය යුතු බවයි චරිත් එහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම එම ක්‍රීඩකයින් වෙනුවෙන් හොද ආදේශක ක්‍රීඩකයින් මේ වනවිටත් කණ්ඩායමට එක්ව ඇති බවත් ඔවුන්ගෙන් තරග ජයග්‍රහණය කිරීමට උපරිමය ලබා ගන්නා බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩාකර තිබීම මෙම තරගාවලියට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
12
+1
1
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?