ශ්‍රී ලංකාව හොදින් ණය ආපසු ගෙවනවා : චීනය

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් හොඳ වාර්තාවක් තබා ඇතැයි චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.

වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 01ක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාර මුදලක් ලබාදෙන ලෙස චීනයෙන් කළ ඉල්ලීම පිළිබඳ මේ වනවිට සලකා බලමින් සිටින බවය.

අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර තත්ත්වයන් කෙසේ වෙනස් වුවද චීනය ලංකාවට සලකන්නේ ළඟම මිත්‍රයෙක් ලෙසයි. කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ සිට ලංකාව මුහුණ දුන් අර්බුදවලට විසඳුම් ලෙස මේ දක්වා. චීනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුල්‍ය පහසුකම් සපයා තිබෙනවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා හොඳ වාර්තාවක් තබා ඇති බවත් අපි කියන්න ඕන.

ඒ වගේම මෑතකදී ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 01ක මුල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් චීන බලධාරීන් මෙය ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47


?