ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සමඟ තුන්කොන් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වෙයි

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගීත්වයෙන් පත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වීමට තීරණයකර තිබෙනවා.

පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකන් තිදෙනෙක් මියයාමත් සමඟ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පක්ටිකා පළාතේ ප්‍රධාන නරගය වන ෂරානා හි පැවති ක්‍රිකට් තරගයකින් පසු නිවසට යමින් සිටි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මෙම ඛේදජනක සිදුවීමත් සමඟ පාකිස්ථානයට විරෝධය පළ කිරීමක් ලෙස නොවැම්බර් අගදී පාකිස්ථාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන තීරණය කර තිබෙනවා.

කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් යන දේශීය ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පස්දෙනෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් තරගාවලිය එළඹෙන නොවැම්බර් 17 සිට 29 දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර තිබුණේ.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
5
+1
7
+1
67
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?