spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ලොව ආහාර උද්ධමනය දරුණුම රටවල් 10 අතරට

ආහාර උද්ධමනය දරුණු ලෙස බලපා ඇති ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට හිමි වී ඇති අතර එහි ඇතුළත් දකුණු ආසියානු කලාපයේ එකම රටද ශ්‍රී ලංකාවයි.මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ ලොව දුර්වල මුදල් ඒකක සහිත රාජ්‍යයන් දැඩි ආහාර උද්ධමන අර්බුදයකට මුහුණ දී ඇති බවයි.මෙම විශ්ලේෂණ සඳහා ලෝක බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් 15 වනදා නිකුත් කරන ලද දත්ත මත පදනම් වී තිබෙනවා. මහාචාර්යවරයාගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන ප්‍රතිශතය සියයට 91ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?