ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුළු රකින්නෙක් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුළු රකින්නෙකු වූ රසල් හාමර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු (76) වන වියේ පසු වුණා.

කොළඹ වෙස්ලි විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු 1964 දී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළා.

ඉන්පසු නෝමෑඩ්ස්, සැරසන්ස් හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කළ රසල් 1975/76 ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක් දින තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.

වසර 1968 සිට 1977 දක්වා ඔහු ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කළ අතර වමත් පිතිකරුවකු ලෙස කැපී පෙනුණා.

රසල් හාමර් පිළිබඳ කැපී පෙනුණු විශේෂ සිද්ධියක් වූයේ ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වීමයි.

අභාවප්‍රාප්ත රසල් හාමර්ගේ දේහය 28 වැනි දා උදෑසන සිට බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ්ස් මල් ශාලාවේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 29 වැනි සිකුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
15
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?