ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුළු රකින්නෙක් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුළු රකින්නෙකු වූ රසල් හාමර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු (76) වන වියේ පසු වුණා.

කොළඹ වෙස්ලි විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු 1964 දී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළා.

ඉන්පසු නෝමෑඩ්ස්, සැරසන්ස් හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කළ රසල් 1975/76 ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක් දින තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.

වසර 1968 සිට 1977 දක්වා ඔහු ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කළ අතර වමත් පිතිකරුවකු ලෙස කැපී පෙනුණා.

රසල් හාමර් පිළිබඳ කැපී පෙනුණු විශේෂ සිද්ධියක් වූයේ ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වීමයි.

අභාවප්‍රාප්ත රසල් හාමර්ගේ දේහය 28 වැනි දා උදෑසන සිට බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ්ස් මල් ශාලාවේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 29 වැනි සිකුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03