AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම ආයුර්වේද කෞතුකාගාරය රටට අහිමි වීමේ අවදානමක් (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනය රටට අහිමි වීමේ අවදානමක් මතුවී තිබෙනවා.

එම ආයතනයේ හිමිකරු ආයුර්වේද පර්යේෂණ කමිටුවේ හිටපු සාමාජික ආයුර්වේද වෛද්‍ය එච්. එම්. විතානාච්චි මහතා සඳහන් කළේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ මුලින්ම ස්ථාපිත කළ මෙම කෞතුකාගාරයට පැමිණෙන නරඹන්නන් වැඩි වීම හේතුවෙන් දඹාන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි.

තමා ස්ථාපිත කළ මෙම කෞතුකාගාරය නැරඹීමෙන් නිරෝගී පුද්ගලයෙකු දැයට දායක කිරීමට හැකිවන බවයි එච්. එම්. විතානාච්චි මහතා පෙන්වා දෙන්නේ.

දේශීය විදේශීය සම්මාන ද හිමි වූ මෙම ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනය රැක ගත යුතු බව ඔහු සඳහන් කළා.

රුපියල් කෝටි 16ක පමණ පෞද්ගලික මුදල් වැය කරමින් ඉදි කළ පරිසර හිතකාමී මෙම කෞතුකාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය මැදිහත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙය ඉදි කිරීමට ගත් බැංකු ණය නැවත ගෙවන ලෙසට මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එය මේවන විට ගැටලුවක් බවට පත්වී ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම ආයුර්වේද කෞතුකාගාරය පවත්වාගෙන යාමට දැවැන්ත සැලසුමක් ද සකස්කර තිබෙනවා.

ඒ වෙනුවෙන් දායක වන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තමාට මෙය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාව පැවතුණ ද මූල්‍යමය ගැටලු හේතුවෙන් එය ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසටයි එච්. එම්. විතානාච්චි මහතා කියාසිටියේ.

ජනතාවගේ හෝ රජයේ දායකත්වය නොමැතිවුව හොත් බඩ ඉරිඟු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් එහි ස්ථාපිත කිරීමට මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ඒ වෙනුවෙන් ලබාදීමට සිදුවන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?