ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම ආයුර්වේද කෞතුකාගාරය රටට අහිමි වීමේ අවදානමක් (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනය රටට අහිමි වීමේ අවදානමක් මතුවී තිබෙනවා.

එම ආයතනයේ හිමිකරු ආයුර්වේද පර්යේෂණ කමිටුවේ හිටපු සාමාජික ආයුර්වේද වෛද්‍ය එච්. එම්. විතානාච්චි මහතා සඳහන් කළේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ මුලින්ම ස්ථාපිත කළ මෙම කෞතුකාගාරයට පැමිණෙන නරඹන්නන් වැඩි වීම හේතුවෙන් දඹාන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි.

තමා ස්ථාපිත කළ මෙම කෞතුකාගාරය නැරඹීමෙන් නිරෝගී පුද්ගලයෙකු දැයට දායක කිරීමට හැකිවන බවයි එච්. එම්. විතානාච්චි මහතා පෙන්වා දෙන්නේ.

දේශීය විදේශීය සම්මාන ද හිමි වූ මෙම ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනය රැක ගත යුතු බව ඔහු සඳහන් කළා.

රුපියල් කෝටි 16ක පමණ පෞද්ගලික මුදල් වැය කරමින් ඉදි කළ පරිසර හිතකාමී මෙම කෞතුකාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය මැදිහත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙය ඉදි කිරීමට ගත් බැංකු ණය නැවත ගෙවන ලෙසට මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එය මේවන විට ගැටලුවක් බවට පත්වී ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම ආයුර්වේද කෞතුකාගාරය පවත්වාගෙන යාමට දැවැන්ත සැලසුමක් ද සකස්කර තිබෙනවා.

ඒ වෙනුවෙන් දායක වන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තමාට මෙය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාව පැවතුණ ද මූල්‍යමය ගැටලු හේතුවෙන් එය ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසටයි එච්. එම්. විතානාච්චි මහතා කියාසිටියේ.

ජනතාවගේ හෝ රජයේ දායකත්වය නොමැතිවුව හොත් බඩ ඉරිඟු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් එහි ස්ථාපිත කිරීමට මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ඒ වෙනුවෙන් ලබාදීමට සිදුවන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52