ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 245ක ඉලක්කයක් – නායකයාගෙන් හැඩැති ශතකයක්

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත්තා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙරට අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ආරම්භක පිතිකරුවන් එතරම් සාර්ථක නොවුණ පසුබිමක නායකත්ව ඉනිමක් කුසල් මෙන්ඩිස් සමග එක් ව ශක්තිමත් ලකුණු පරාසයක් ගොඩනැගූ චරිත් අසලංක මෙම තරගයේ දී විශිෂ්ට ශතකයක් ලබා ගත්තා.

අසලංක අද දින ලබාගත්තෙ සිය එක්දින පිටියේ පස්වැනි ශතකයයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 45කට දැවී ගියා.

විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක අසලංක පන්දු 123ක දී ලකුණු 106ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් වේග පන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් ලකුණු 42කට කඩුලු 04ක් තමන් සතු කරගත්තා.

ටන්සින් හසන් සකිබ් කඩුලු 03ක් තමන් නමින් ලියාගැනුණා.

එක් කඩුල්ල බැගින් ශන්තෝ හා තන්වීර් ඉස්ලාම් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ දී ම එක්දින තරගයකින් පරාජයට පත් කිරීමට නම් බංග්ලාදේශය පන්දුවාර 50 තුළ ලකුණු 245ක් ලබා ගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?