ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 245ක ඉලක්කයක් – නායකයාගෙන් හැඩැති ශතකයක්

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත්තා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙරට අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ආරම්භක පිතිකරුවන් එතරම් සාර්ථක නොවුණ පසුබිමක නායකත්ව ඉනිමක් කුසල් මෙන්ඩිස් සමග එක් ව ශක්තිමත් ලකුණු පරාසයක් ගොඩනැගූ චරිත් අසලංක මෙම තරගයේ දී විශිෂ්ට ශතකයක් ලබා ගත්තා.

අසලංක අද දින ලබාගත්තෙ සිය එක්දින පිටියේ පස්වැනි ශතකයයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 45කට දැවී ගියා.

විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක අසලංක පන්දු 123ක දී ලකුණු 106ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් වේග පන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් ලකුණු 42කට කඩුලු 04ක් තමන් සතු කරගත්තා.

ටන්සින් හසන් සකිබ් කඩුලු 03ක් තමන් නමින් ලියාගැනුණා.

එක් කඩුල්ල බැගින් ශන්තෝ හා තන්වීර් ඉස්ලාම් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ දී ම එක්දින තරගයකින් පරාජයට පත් කිරීමට නම් බංග්ලාදේශය පන්දුවාර 50 තුළ ලකුණු 245ක් ලබා ගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26