ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඇමරිකාව සුදානමින්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි වනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඇමරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker පවසා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබා දීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker වැඩිදුරටත් කියා සිටියේ ආපදාවෙන් මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළ කර සිටින බවයි.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක් කළා.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළා.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වන බවත්, එහිදී සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බවත්, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කර තිබුණා.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද සඳහන් කළා.

පසුගිය කාලයේ ඇමරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට ඇමරිකා රජය ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08


?