වර්තමානයේ පවතින ආර්ථික අවපාතය හමුවේ මෙරට මුදල් ඒකකය (රුපියල්) දියාරු විමේ පසුබිමක ‘ඉන්දීය රුපියල’ ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත් කිරීමේ සූදානමකින් කටයුතු සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ආණ්ඩුවේ ප්‍රධානීන් වත්මන් අර්බුදය භාවිතා කර රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙන යමින් සිටින බවද පැවසූ ඔහු ජාතික සම්පත් කුනු කොල්ලයට විකුණා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29වන ප්‍රාන්තය බවට පත් කිරීමේ මානසිකත්වයෙන් සිටින බවයි ඔහු පවසන්නේ.
එම පක්‍ෂ මූදලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙවැනි ආකාරයට හැසිරෙන පිරිසකට තවදුරටත් රටේ පාලනය භාර දී සිටීම භයානක දෙයක් බව ද පැවසූ හෙතෙම වහාම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලයකට පිහිටුවිය යුතු බවත් කියා සිටියා.ඉදිරියේ දී විදුලි කප්පාදුව පැය දහයක් පමණ වූ පසු රජයට තනිව විදුලි සැපයුම කළ නොහැකි බව කියා ඉන්දියානු සමාගමකට එයද දිය හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.




