සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත ත්‍රිකුණාමලය බලශක්ති සමාගම (Trincomalee බලශක්ති සමාගම) මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සූර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සදහා ටෙන්ඩර්පත් කැඳවා තිබෙනවා.

සූර්ය බලශක්ති බලාගාරය‍, සැළසුම් කිරීමේ සිට ස්ථාපනය කිරීම දක්වා වන පූර්ණ ක්‍රියාවලියම ද අවමය මෙගාවොට් පැය 20ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම ද මෙහි විෂය පථයට අයත්.

ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම 2026 පෙබරවාරි 18 දක්වා සිදුකළ හැකි අතර, ටෙන්ඩර් පත් විවෘත කිරීම 2026 පෙබරවාරි 19 දින සිදුකෙරෙනවා.

එමෙන්ම ටෙන්ඩර් පත් ප්‍රදානය කළ දින සිට මාස 21ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු බව ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41