AFC Banner
Empty Ad
Empty Ad

වේපත්අංග ගම්මානයේ නිවසක අද්භූත සිදුවීමක් (වීඩියෝ)

වාරියපොල – වේපත්අංග ගම්මානයේ නිවසකට අමනුෂ්‍ය බලවේගයකින් බලපෑම් එල්ල වන බවට නිවැසියන් හා ගම්වාසීන් පවසනවා.

නිවැසියන් පවසන්නේ දින 5 ක පමණ සිට අත්විඳින අද්භූත සිදුවීම් ගම් වැසියන්ද භීතියට පත්කර ඇති බවයි.

පසුගිය 17 වැනිදා සිට මෙම අමනුෂ්‍ය බලවේගය ඒල්ල වී ඇති බව පැවසෙන්නේ වාරියපොල – වේපත්අංග ගම්මානයේ පිහිටා ඇති නිවසකටයි.

මේ හේතුවෙත් බියපත්ව ඇති ඒම ගම්මානයේ වැසියන් සොයා හිරු ප්‍රවෘත්ති මෙලෙස ගමන් ආරම්භ කළා.

ඒහිදී හෙළිවුයේ අමනුෂ්‍ය බලපෑම ඒල්ල වී ඇති බව කියන නිවසේ මව, දියණිය, දියණියගේ සැමියා හා ඥාති දැරියක වාසය කරන බවයි.

ඔවුන් අළුත් අවුරුදු සමයේ දිනකිහිපයක් නිවසෙන් බැහැරව සිට නැවත පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි.

නිවසට පැමිණි අවස්ථාවේ ඔවුන් අද්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දී තිබෙනවා.

ඇය පවසන්නේ එදින සිට දිනපතා නිවසේ විවිධ ස්ථානවලට ලේ කැටි වැනි යම් ද්‍රව්‍යයක් නිරන්තරයෙන් පතිතවන බවයි.

මෙම සිදුවීම් හරහා ඇගේ විවාහක දියණියද දැඩි කම්පනයකට පත්ව සිටිනවා.

නිවැසියන් පවසන්නේ දින 05 ක සිට තමන් මුහුණ දෙන මෙම අද්භූත සිදුවීම් තවමත් නිමා වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?