spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙළඳසැලක් කඩා මුදල් රැගෙන ගිය පුද්ගලයා සොයා මෙහෙයුම් (ඡායාරූප)

අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් අද දින (15) අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

සැකකරු විසින් අදාළ වෙළඳසැලේ ප්‍රධාන වීදුරු දොරට පොල් ලෙලි ගසන පොල් උලකින් ගසා බරපතළ හානි සිදු කර ඇති බවත් ඒ අසල තවත් වෙළඳසැල් 2ක දොර යතුරු කඩා ඇති අතර ඒවාට සැකකරු ඇතුල් වී නොමැති බව පොලිසිය අප වාර්තාකරු හා පවසා සිටියා.

වෙළඳසැලට ඇතුළු වන ආකාරය සවිකර තිබු සීසීටීවී කැමරා වල පටිගතවී ඇති අතර මීට පෙර තංගල්ල රන්න හුංගම යන ප්‍රදේශවලද වෙළඳසැල් කඩා ඇති බව අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධව අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?