ෆොක්ස් හිල් අනතුරෙන් මියගිය කිහිපදෙනෙකුගේ දේහයන් නිවෙස් වෙත (වීඩියෝ)

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන පථයේදී සිදුවූ බිහිසුනු අනතුරෙන් මියගිය කිහිපදෙනෙකුගේ සිරුරු ඔවුන්ගේ ඥාති නිවෙස් වෙත ඊයේ (22) පස්වරුවේ රැගෙන එනු ලැබුවා.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පිරිසක් දියතලාව සහ බදුල්ල රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පෙරේදා සිදුවූ මෙම මෝටර් රථ අනතුරෙන් වැලිමඩ, ඩයරබා වතුයායේ පදිංචි 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාර් සහ ඔහුගේ මිණිපිරිය වන 08 හැවිරිදි ශිව කුමාර් දිනූෂිකා ද මියගිය අතර ඔවුන්ගේ සිරුරු ඊයේ (22) පස්වරුවේ නිවෙස් වෙත රැගෙනු
එනු ලැබුවා.

දිනුෂිකාගේ මව මීට පෙර මියගොස් ඇති අතර, ඇය හැදී වැඩී ඇත්තේ අනතුරින් මියගිය සීයා සහ මිත්තණිය සෙවනේයි.

ඇය මෝටර් රථ ධාවන තරග සදහා ඇති දැඩි කැමැත්ත නිසාවෙන්ම බස් රථයක නැගී දියතලාවට ගොස් තරග නරඹමින් සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණා.

මේ අතර අදාල අනතුරින් මියගිය අකුරැස්ස වලව්වත්තේ පදිංචිව සිටි 20 හැවිරිදි අශේන් හීනයටිගලගේ සිරුරු ද සිය නිවෙස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම අනතුරෙන් මාතර – කාලිදාස පාරේ පදිංචි උපාලි ගමගේ සහ ගොඩගම පදිංචි ගනේෂ් ජයවර්ධන යන මිතුරන් දෙදෙනා ද මියගිය අතර, ඔවුන්ගේ දේහයන් එකම වේලාවක එකම ස්ථානයක මිහිදන් කිරීමට දෙපාර්ශවයේ ඥාතීන් තීරණය කර තිබෙනවා.

ඒ, පාසල් වයසේ සිට ගජ මිතුරන් වූ මොවුන් දෙදෙනාට ගෞරවයක් ලෙසයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

මෙම කමිටුවට සාමාජිකයින් හත්දෙනෙක් ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14